ලිංගික සතුටට මුල පිරීම



ලිංගික සතුටට මුල පිරිමිදී සම්මත සැලසුම් එනම් පොත් හැටියට කිරීම කියා දෙයක් නොමැති අතර කුමන සැලසුමක් යටත්ක ලත් අංක එක ලෙස පිරිසිදු බව අනිවාර්යයෙන්ම තිබීම වැදගත්වේ. ශාරීක මෙන්ම මානසික පිරිසිදු තාවයද ලිංගික සතුට ලැබීම කුමන ආකාරයේ සැලසුමකට අනුව ගෙන ගියත් එය තීවු ක්‍රමයට
එනම් සතුට උපරිම කිරීමට දායක වේ. මෙහිදී ශාරීරීක අපිරිසිදු භාවය ලෙස ශරීරයෙන් පිටුවන අධික දහඩිය හේතුවෙන් ඉකිලි, කිහිලි, ආදී ප්‍රදේශ වලින් නිකුත්වන අධික දහඩිය ගද. මුඛය පිරිසිදු නොකිරීම හේත්තුවෙන් හා සිගරටි මත්පැන් වැනි දෑ හේතුවෙන් මුඛයෙන් වන ගන්ධය, ලිගු ප්‍රදේශ පවිත්‍ර නොකිරීම හේතුවෙන් ඇතිවන ගන්ධය වැනි ද දැක්විය හැකි අතර නිදියහනට ගොඩවීමට මත්තෙන් තම ශරිරය මනා ලෙස පවිත්‍ර කරගැනීම සහකරුවාට හෝ සහකාරියට නැවුම් ලිංගික පහසකට හේතුවේ.


එහෙත්අප ශරිරයෙන් හමන ස්වභාවික ගන්ධය මෙයට එතරම්ම අදාල නොවේ. සෑම දෙනාම තම සහකරුගේ ශරීරයෙන් නික්මන ස්වභාවික සුවදට කැමත්තක් දක්වයි. මෙය අධික දහඩිය ගදය ලෙස කිසිවිටක තෙරුම් නොගත යුතුය. එසේ ශරිරයෙන් නික්මෙන ස්වභාවික සුවුද, ලවණා රසය, අනකාගේ ලිංගික හැගීම් පිබිදවීමට ඉවහල් වේ. යම් සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකන් ජාතික කාන්තාවක් පවසනේ "මම මගේ සැමියාට හවස 5 න් පසු නැවත ලිංගික එක්වීම අවසන් වනතක් ශරිරයය සෝදා ගැනීමට හෝ නමට ඉඩ දෙන්නේ නෑ. ඔහු සේවය අවසන් වී නිවසට පැමිණ ශරිරය පිරිසිදු කරගත්තාට පසු රාත්‍රී අප නිදියහනට යන අවස්ථාව වන විට ඔහුගේ ඇගට යන්තමින් දහඩිය දමා, ඔහුගේ ස්වභාවික සුවද මට දැනීමට පටන් ගන්නවා. එය තරම් මා ද ලිංගිකව පුබුදුවාලන වෙනත් සුවදක් මට ඇත්තේ නැහැ”. යනුවෙනි. එසේම ද ප්‍රංශයේ සිටි ලෝක ප්‍රසිද්ධ යුධ සෙන්පතියෙකු වන නැපෝලියන් තම බිරිදට
පවසා තිබුනේ සවස ඇග සේදිමෙන් පසුව නැවත ලිංගික එක්වීමකට පෙර ද ඇයගේ රහස් ප්‍රදේශය සේදීම නොකලයුතු බවයි. ඔහු ඇගේ යෝනියෙන් නිකුත්වන ස්වභාවික කාමුක සුවදට ආශාකල අතර ලිංගික එක්වීමට පෙර රහස් පෙදෙස සෝදා හැරීම කලහොත් එම කාමුක සුවද තාවකාලිකව යටපත් වන නිසා ඔහු ලිංගික එකතුවීමට පෙර රහස් පෙදෙස සේදීමට තරයේ විරුද්ධ විය. මෙසේ තම සහකරුවා හෝ සහකාරියන්ගේ සුවද ලිංගික හැඟීම අතිශයින්ම පුබුදුවාලන්නක් වුවත් ඔබ යෝනි මාර්ගය ආශ්‍රිත රෝගයකින් එසේ නැතිනම් දුගද හමන දහඩිය පිටවීම සම්බන්ධ ගැටලුවකින් පීඩා විදිනෙක් නම් ලිංගික එක්වීමටකට මොහොතකට පෙර ශරීරය ඉතා හොදින් පිරිසිදු කර සුවද විලවුන් ස්වල්පයක් ඇග තවරාගත යහන්ගත වීම ඔබ දෙදෙනාටම සුවදායක ලිංගික එක් වීමකට මුල්වන අතර එසේ නොමැතිව අධික දුර්ගන්ධයෙන් යහන්ගතවීම අනෙකාගේ ලිංගික හැඟීම් මොටකර දැමීමට හේත්තු වෙනවා. මේ සම්බන්ධව අදහස් දක්වන 28 හැවිරිදි ඇලෙන්ස් පවසන්නේ ''මා විවාහ වී වසර 2 ක් යනතුරු නියමාකාරයෙන් ලිංගික තෘප්තියක් ලැබුවී නැහැ එයට හේතුවන්නේ මගේ බිරිද ගේ නාසයන් හමන අධික දුර්ගන්ධයයි. එය මගේ සියලු ලිංගික ආශාවන් නැතිකර දැමුවා. කොතරම් ලිංගික ආශාවකින් නිදියහනට නැගුනත් ඇය සමග කරන ප්‍රථම සිපගැනීමේදීම මා අකර්මන්‍ය වූවා. එ‍හෙත් බිරිඳගේ හිත රිදවීමට අකමැති නිසාත් ඇයව ලිංගිකව සතුටු කල යුතු නිසාත් ඉතා අකමැත්තෙන් ඇය හා ලිංගිකව එකතු වූවා. ඇයගේ සිත රීදවියයි වසර දෙකක් සිතේ සගවා සිටියත් බැරීම තැන ඇයටමය පවසා වෛද්‍යවරයෙකුගෙන් අවශය ප්‍රතිකාර ලබාගත්තා.





 දැන් අප දෙදෙනා ඉතාම ප්‍රීතිමත් ලිංගික එක්වීමක් අවසානයේ තමා නින්දට යන්නේ" එමෙන්ම නම හෙලිකිරීමට අකමැති වූ ලාංකික පෙම්වතියක් පවසා සිටියේඅප ඉඩක් ලද විටක සිනමා ශාලාවක අදුරේ තනිවෙනවා ඒත් සතුට රැදෙන්නේ ස්වල්ප වේලාවක් පමණයි. ඔහුගේ කිහිලි වලින් හමන දහඩිය ගද මා ඔහුගෙන් ඇත් කර තබනවා. ''සිත රීදේවියයි මම ඔහුට පැවසීමටත් නොහැකියි" යනුවෙනි. අනෙකාගේ සිත රිදෙවී යැයි තම ලිංගික නොකැමැත්ත සිතේ සිරකරගෙන දුක් විදින යුවතිපතීන් සංඛ්‍යාව සුළුටු නොවේ. එහෙත් මෙය කිසි විටෙකත් අනෙකාගේ සිත රිදන කාරණයක් නොවන අතර දෙදෙනාම සතුටින් සිටින අවස්ථාවක ඉතා ආදරයෙන් සහකරුවාගේ සිතට ලජ්ජාවක් ඇති නොවන ආකාරයෙන් පහදා දීම ඉතාම පහසු කටයුත්තක්. එවැනි ගැටළු නවීන විද්‍යාවේ මහිමයෙන් ඉතාම පුංචි ප්‍රතිකාරයකින් සුවපත් කර ගැනීමටත් එමගින් පිවිතය සුන්දර කරගැනීමටත් හැකියාව පවතිනවා.

Comments