සැමියා සහ බිරිඳ අතර සංවාදයක්



සැමියා සහ බිරිඳ අතර සංවාදයක්
---------------------------------------------------------
බිරිඳ - මේ ඒයි ඇහුනද. අර අල්ලපු ගෙදර නැට්ටිච්චි අන්න දරුවත් වඩා ගෙන මිදුලේ. තමුසේ එහෙම එළියට බහින්නේ නෑ.
සැමියා - මන් මොකටද එළියට බහින්නේ ඕයි??😒😒
බිරිඳ - බලනවා ඒයි ඒ දරුවගේ කොණ්ඩේ. ජෝඩුවටම නෑනෙ එහෙම කැරළි කොණ්ඩයක්.
සැමියා - ඉතින්....
බිරිඳ - ඉතින් කියන්නේ. දරුවා එහා ගෙදර නිමල් අයියගේ වෙන්න ඇති.උගෙත් කොණ්ඩේ ඔය විදියමයි.මන් දැකලා තියෙනවා ඌ ඔය පැත්තේ කැරකෙනවා. අනේ අප්පේ. අපේ අම්මලා නම් අපිව පිළිවෙලට හැදුවා.ඒකට මේ ගෑනු.
සැමියා - හ්ම්ම්ම්.......
බිරිඳ - ඒත් නිමල් අයියත් කලුයිනේ. මේ දරුවා සුදුම සුදුයි. අර නැට්ටිච්චිගෙන් මොන ලස්සනක්ද. මට නම් පේන්නේ මේකා අර ලයිට් බිල් කඩන කොල්ලගෙද කොහෙදෝ.ඌත් සුදුම සුදුයිනේ.
සැමියා - හ්ම්ම්ම්.......🤐🤐🤐🤐
බිරිඳ - ඒකත් වෙන්න බෑ ඒයි.මොකද දන්නවද. ඊයේ ඔය ගෑණිට හන්දියේ කඩේ මුදලාලි ටොපි දෙකක් නිකන් දුන්න.නිකන් හිතනවකෝ ඒයි අපිට නම් දෙයිද ඔහොම. එකත් එකටම ඔය දරුවා මුදලාලිගේ වෙන්නත් පුලුවන්. දෙවියනේ සාගරේ වගේ දේපොල.
සැමියා - හ්ම්ම්ම්....🤐🤐🤐
බිරිඳ - මේ ඒයි දන්නවද මෙහෙම දේකුත් වෙන්න පුලුවන්. ග්රාම සේවකයත් සැකයි මට. ඔය ගෑණිට අපිට වගේ නෙවෙයි.වැඩක් කර ගන්න ගියාම පැනලා කරලා දෙන්නේ.
සැමියා - හ්ම්ම්ම්.....🤐🤐🤐🤐
බිරිඳ - මේ ඒයි මට කියන්න අමතක වුනානේ.මේ ගෑනි සිල් ගන්න ගියානේ මාත් එක්ක.හාමුදුරුවොත් එක්ක හරි හරියට කතාව.මන් භාවනා කරන ගමන් බලාගෙන හිටියේ. දරුවා උන්නාන්සෙද දන්නේ නෑ.
සැමියා - හ්ම්ම්ම්......🤐🤐🤐🤐
බිරිඳ - මේ ගෑනි දරුවට බෙහෙත් ගන්න ගියාම දොස්තරත් එක්ක ඉංග්රීසියෙන් කතා කරනවලු. කවුද දන්නේ මොනවා කතා කරනවද කියලා.ඔය දොස්තර මෙහෙන් මාරු වෙලා යන්නත් බෑ කියනවලු.ඒකම පුදුමයක්නේ.කවුද මේවගේ කැමැත්තෙන් ඉන්නේ. නැද්ද මන් කියන්නේ. දොස්තරට යන්න බැරි දරුවා......
සැමියා - කට වහගනින් ගෑනියේ.$&*$&*#@$& දරුවා මගේ.

Comments