ක්ෂණික මෝචනය හා අධික කාම සම්භෝගනියට ඖෂධ.....



ඕනෑම සත්වයකුටම, තම පැවැත්ම වෙනුවෙන් ලිංගික අවශ්‍යතාවක් ඇතිවෙනවා, ඒක ස්වභාවික දෙයක්. එවිට එම සත්වයන් එකී අවශ්‍යතාව සපුරා ගත හැකි සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නවා. මෙහිදී මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙනස් වන්නේ ඌ අදාල සහකරුවා හෝ සහකාරිය සොයාගනු ලබන්නේ කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතියකට අනුගතව වීම නිසාවෙනි.
මිනිස් සංහතිය තුල ඇතැම් ජනවර්ග ගැහැණිය පහත් පිරිමියා උසස් යන මතයක් ගොඩනගා තිබුනා. මේකේ ප්‍රතිපලය උනේ ගැහැණිය ලිංගික වෙළඳ භාණ්ඩයක් වීමෙන්. පිරිමියා තමුන්ගේ ආශාවන් තෘප්තිමත් කර ගනිමින්, ඇතැම් විට, දරුණු ලෙස ලිංගික වද වේදනා දෙමින් තම ශුක්‍රානු පිට කරමින් සතුටු උනා. මේ තත්වය දකුණු ආසියාතික රටවල් තුල දක්නට ලැබුණු නින්දිත දර්ශනයක් විය. නමුත් වර්තමානය වන විට නිදහස් සිතුම් පැතුම් රිසි සේ විඳ ගැන්මට සමාජය හුරු වී තිබේ. එබැවින් අද එවන් තත්වයන් නැත.


ඇත්ත මේකයි

අද ඉන්න කාන්තාවෝ සුරත්තානය(උපරිම ලිංගික තෘප්තිය) ලබන්න කරන්න පුළුවන් හැමදේම කරන්න උත්සහ කරනවා. 

ඒක වරදක් නෑ. කාන්තාවෝ කියන්නෙත් හැගීම් දැනීම් තියන පිරිසක්. ඔයාලා දන්නවද කාන්තාවන්ගේ ඇඟේ කාම නිල 720 තියන බව. එම නිල නිසියාකාරව මිරිකීමෙන් හා අතගැමෙන් ඕනෑම කාම ධේනුවක් ඉතා පහසුවෙන් මෙල්ල කරගන්න පුළුවන් බව. ඒවගේම තමයි පිරිමියෙකුගේ ඇඟේ කාම නිල 560 පමණ තිබෙනවා. ඇතැම් පිරිමි හිතන් ඉන්නවා තමන්ගේ ලිඟුව අඟල් 7 හෝ 8 පමණ ලොකු වෙච්ච නිසා ඕන දෙයක් කල හැකි කියලා.හැබැයි තමන්ගේ නෝනා වෙන කෙනෙකුගේ පහස ලබන්න පෙරුම් පුරන බව ඒ උදවියට තේරෙන් නෑ..

මම එහෙම කියන්න හේතුව තමයි අද ලෝකේ බොහෝ පිරිමි කාමාත්මර්තකාමි නිසයි. ඒ කියන්නේ, තමන්ගේ ආශාව සන්සිදෙනකම්, තමාගේ ශුක්‍රානු ටික පිටවෙනකම්, ගැහැණිය ලවා තම අවශ්‍යතාවය සංසිඳුව ගන්න එකටයි.

ඒත් හැම පිරිමියම එහෙම නෑ, ඒ නිසා තමයි එක කොටසක් ඉතාමත් සතුටුදායක ආකාරයෙන් තමන්ගේ ලිංගික ජීවිතය විඳිනකොට අනෙක් කොටස තමාගේ ජීවිතයේ කතා කරන්න අකමැතිම දේ විදියට තමුන්ගේ ලිංගික ජීවිතය පත් වෙලා තියෙන්නේ.

දැන් මේ ලිපිය කියවන සමහර අය‍ට තමන්ගේ ලිංගික ජීවතය තුල තමුන් කොච්චර තෘප්තිමත්ද, කොච්චර අතෘප්තිමත්ද කියල තේරෙනවා ඇති. තමුන් හැමවෙලාවෙම හරි කියල හිතන්න එපා. තව කෙනෙකුට ඇහුන්කම් දෙන්න පුළුවන් නිහතමි මනුෂ්‍යයෙක් වෙන්න එතකොට මේ හැම කරදරයකින්ම නිදහස් වෙන්න පුළුවන්. නිතරම අලුත් කෙනෙක් වෙන්න ලිංගික ජීවිතය තුල අලුත් අත්හදාබැලීම් කරන්න, එතකොට ඔයාලගේ ජීවිතය තුල නැවුම් ගතියක් ප්‍රබෝධයක් ලැබෙන බව නොඅනුමානයි.


කාම මනෝ විද්‍යාව

කාමය පිලිබදව නිවැරිදිව දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එහිදී වැරදි මත ප්‍රකාශ කරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු වේ. ජීවිතේ උත්තරීතර ආශ්වාදයක් වෙනුවෙන් ඉගෙන ගැනීම කාම මනෝ විද්‍යාව යටතේ ද එන්නකි.
ඔබ කොතරම් උසද, මිටිද, මහතද, කෙට්ටුද, කළුද, සුදුද, මේ හැමදේම කාම මනෝ විද්‍යාව තුල සාකච්චාවට ලක් කරන කරුණු වේ. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබ තුල ඇති කාම ශක්ති ප්‍රමාණය දැන ගැනීමට හැකියාව තියනවා. එය එසේ වුවත් යම් අයකුගේ කාම ශකිතිය බාල වීමට හේතු සාධක ගණනාවක් තියනවා.

"තමුන් ජීවත් වෙන පරිසරය.
"තමුන් කරන රැකියාව.
"තමුන් ගන්න ආහාර.
"තමුන් නිදාගන්න කාලය.
"තමුන් අඳින ඇදුම් වර්ගය.
"තමුන් භාවිත කරන ආභරණ වර්ග.
"තමුන් කරන ව්‍යායාම ප්‍රමාණය.
"තමුන්ගේ සිතුම් පැතුම්.
"තමුන් ඇවිදින රටාව.
"තමුන් නිදා ගන්න ඉරියව්ව.
"තමුන් ඇසුරු කරන සමාජය.


ඉහත දක්වා ඇත්තේ මිනිසුන්ගේ කාම ශක්තිය හීන වීමට බලපාන සාධක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. හිතෙන්නැද්ද කොහොමද මම මේ කියපු මේ සාධක තමුන්ගේ කාම ශක්තිය වෙනුවෙන් බලපාන්නේ කියල. අපි හැමෝම මේ සොභාධර්මය විසින් නිර්මාණය කරලා තියන අපුරු නිර්මාණයක් නිසා මේ මුළු විශ්මවයම අපේ ජීවිතවල පැවැත්මට ඍජුවම බලපානවා.

හිතවතුනි, ඔබ දන්නවද ඔබේ ලිංගික ශක්තිය සිය ගුණයකින් වැඩි කරන්න පුළුවන් භාවනා ක්‍රම තිබෙන බව. ඔබ අද වෙනකොට කොයිතරම් හොර වෙද්දු ලඟට ගිහින් ඔබේ මුදල් පසුම්බිය හිස් කරගෙන තියනවද? ඔබ කොපමණ කාලය නාස්ති කරමින් මුදල් වියදම් කරමින් ඔබේ ඇඟ තුලට විස බෙහෙත් වර්ග අරගෙන තියනවද? වැඩි වෙලාවක් කාම සැප විඳින්න හිතාගෙන කොයිතරම් දේ කරලා ඇත්ද? ඔබට ප්‍රතිපල තියෙන්නේ කීයෙන් කියකටද?

හිතන්න, ඔබේ හිත තරම් ශක්තියක් තවත් දෙයක් නැති බව තේරුම් ගන්න. මින් ඉදිරියට ඔබතුල තිබෙන ශක්තින් එලියට ගත හැකි නිවැරදි දේවල් පමණක් කරන්න. ලෝකේ බොහෝ විද්වතුන් විසින් සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව ඔවුන් හඳුනාගෙන තිබෙන ප්‍රධානතම ලිංගික ගැටළු කිහිපයක් මෙසේ දක්වන්නෙමු.

"තමුන්ගේ පුර්ෂ ලිංගය කුඩා බව
"තමුන්ගේ පියයුරු කුඩා බව
"තමුන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල බව
"තමුන්ගේ යෝනි මාර්ගය කුඩා නිසා "සංසර්ගයේදී අධික වේදනාවක් ඇති වේ යන බිය.
"සංසර්ගය සදහා යෝනිය සුදානම් නොවීම.
"ක්ෂණික මෝචනය.
"සිහිනෙන් ශුක්‍ර මෝචනය වීම.
"තම සහකාරිය ඉදරියේ ලිඟුවා ප්‍රමාණවත් තරම් ප්‍රාණවත් නොවීම.
"ශුක්‍රානු පිටවීමට වැඩි වෙලාවක් යාම.
"ආලෝකය ඇති ස්ථානවල සංසර්ගයට ඇති අකමැත්ත.
"කන්‍යා භාවය පිලිබඳ ඇති බිය
"බටහිර කාමුක දර්ශයන් හිදී මෙන් විවිධ ලිංගික ඉරියව් භාවිතයට නොහැකියාව.
"විරුද්ධ ලිංගිකයන් කෙරෙහි හිත ඇදී නොයාම.
"මත් ද්‍රව්‍ය බාවිතයෙන් තොරව සංසර්ගය සඳහා වූ නොහැකියාව
"එක වරකට පමණක් තම කාම ශක්තිය සීමා වීම.
"තමුන්ට වඩා වයසින් ඉතා වැඩිමහල් කාන්තාවන් හා පිරිමින් කෙරෙහි සිත් පහල වීම

යන මේවා සමාජයේ ජීවත් වන බොහෝ පිරිසකට ඇති මානසික ගැටළු වේ. මින් මිදීමට නම් ඔබ මොහොතක් නතර විය යුතු වේ. එනම් ඔබට ඇති ගැටළු විශ්වාසවන්තව සාකච්ඡ කිරීමට සුදුසු පළපුරුදු අයෙකු හා සම්බන්දව අදාල ගැටලුව සාකච්ඡ කිරීම නිසා මුලික වශයෙන් තමුන්ට ඇති මානසික පීඩාවෙන් නිදහස් විය හැක. පසුව පියවරෙන් පියවර අනුගමනය කරමින් තමුන්ගේ මානසික ගැටලුවෙන් නිදහස් වීමට හැකි වනු ඇත.



කාම වෙදපොත


ඇත්තටම කාමයට ඖශද තියනවද? ඔව්, තියනවා. එහෙත් ඇතැම් වටිනා ඖශද තවමත් වාජීකරණ ග්‍රන්ථ වලට පමණක් සීමාවෙලා තියනවා.ඒවායිනුත් පුවත්පත් මගින් ප්‍රකාශ වෙලා තියෙන්නේ බොරු වට්ටෝරු. පුවත්පතෙන් පිහිට පතපු සමහර අයට නැති ලෙඩත් හදාගෙන අද දුක් විඳිනවා.

මෙහි එන ඇතැම් ආලේපන් ඖශද භාවිතයේදී ඔබේ සමට අහිතකර තත්වයක් ඇතිද යන්න පරික්ෂාකර ඒවා ගලවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මොකද, සමහර අයගේ සම ඉතා සංවේදී නිසා එම ආසාත්මිකතවන් ඇතිවිය හැකි නිසා මෙම පණිවුඩය ගෙනහැර දැක වූ බව සලකන්න.


ක්ෂණික මෝචනය -


මෙය රෝගී තත්වයක් නෙමෙයි. ආයුර්වේදයෙන් වාජීකරණ ඖශද භාවිතා කර ශුක්‍ර තරලය කැටිකර ස්ථම්බනය කරමින් මීට පිළියම් සපයයි. එවිට දීර්ඝ වෙලාවක් කාම සේවනයේ දීමට හැකිවේ.

ඖශද වට්ටෝරු 1 -

මෙය කුන්කුමදිවටිය නම් වේ.

අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු,
සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි,කුන්කුමප්පු, සුදු සඳුන් (මේ සියල්ල 15 ග්‍රෑම් බැගින් ගන්න)

මේ සියල්ල අබිං ග්‍රෑම් 60 ක් සමග පළමුව උණු දියෙන් අඹරා දෙවනුව මී පැණියෙන් අඹරා, මදටි ඇට දෙකක් තරම් ප්‍රමාණයේ ගුලි සාදා ගන්න.

මාත්‍රාව - වරකට එක ගුලියක් බැගින් ගන්න.

ප්‍රතිපලය - දීර්ග වෙලාවක් කාම සම්බෝගයේ යෙදීමට හැකිවේ. මෙය ආයුර්වේද ඖශද සංග්‍රහයේ එන පිළිගත් ඖශදයකි.

ඖශද වට්ටෝරු 2 -

මෙය සියඹලා ඇට මද වටිය නම් වේ

සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)

පිළියෙළ කිරීම.-
ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.

මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න.

අවවාදයයි- ඇතැම් විට සියඹලා මද වටිය ගැනීමෙන්, ශුක්‍රානු පමණක් නොව මළද ස්ථම්බනය විය හැක. එහෙත් ඉහතින් දක් වූ ඖශදය ක්ෂණික මෝචනයට මෙන්ම නින්දේදී ශුක්‍ර පහ වීමටද ප්‍රතිකාරයකි.

ඖශද වට්ටෝරු 3
ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි.

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු.

පිළියෙළ කිරීම,
මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්‍රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹරා ගන්න.

මාත්‍රාව,
ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න.
මෙසේ සාදා ගන්නා මදන මෝදකය කාමශක්තිය ඇති කරාවි, මීට ඉතා සමාන ආකාරයට කාමේෂ්වරී මෝදකය ද සාදා ගත හැක.


කාම ඉරියව්

ජීවිතය තුල උපරිම ලිංගික කාම වින්දනයකට තමුන් භාවිතා කරන ලිංගික ඉරියව් ඉතාම තදින් බලපානවා. කාම සුත්‍රය නම් ග්‍රන්ථය තුල පවා විවිද කාම ඉරියව් ගණනාවක් හඳුන්වා දී තිබෙනවා, නමුත් දැන් ඉන්න බොහෝ උදවියත් ඔවුන්ගේ නවතම සොයාගැනීම් වලට අනුව අලුත්ම කාම ඉරියව් බොහොමයක් නිර්මාණශීලීව සොයාගෙන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක අපිට සතුටට කරුණක් වුනත්, අපේ යම් පිරිසක් එවැනි ආකාරයේ ලිංගික ඉරියව් අත්හදා බැලීමට බියක් දක්වන බවක් අපට පෙනෙනවා. ඇත්තටම මේ වෙනුවෙන් කාන්තාව හා පුර්ෂයා කියන දෙපාර්ශවයෙන්ම ලොකු සහයෝගයක් වගේම උනන්දුවක් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් වෙනුවෙන් දෙදෙනාම හොද සුදානමක් මෙන්ම, සාකච්චා කරගනිමින් තමුන්ගේ ආශා කරන ඉරියව් වෙත යොමු වීම ඉතා වැදගත් වෙනවා.


Comments